Published
කුඩාඔය, ඇතිලිවැව ප්රදේශයේ පුරාවස්තු සොයා කැණීම් සිදුකරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කුඩාඔය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි.
ඒ අනුව ඉඩමක් තුළ පුරාවස්තු සොයා එලෙස කැණීම් කරමින් සිටියදි සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් ඇතිලිවැව ප්රදේශයේම පදිංචිකරුවන් වන බවයි පොලීසිය පැවසුවේ.
කැණීම් සිදුකිරීම සදහා සැකකරුවන් යොදාගත් උපකරණද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කුඩාඔය පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.




