Published
දුම්මලසූරිය, නැවකඩ ප්රදේශයේදී සිදු කළ වැටලීමකදී, පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලද තොරතුරක් මත එම ප්රදේශයේ පුද්ගලික ඉඩමක වැටලීම සිදුකළ බවයි දුම්මලසූරිය පොලිසිය පැවසුවේ.
එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් උඩුබද්දාව, උහුමීය, බංගදෙණිය සහ කලුගමුව යන ප්රදේශවල පදිංචිකරුවන් බවට අනාවරණ වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් දුම්මලසූරිය පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.




