ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ මෙවර පැවැත්වෙන ඇසළ පෙරහැර මංගල්‍යය කාලය තුල සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයක් ස්ථාපිත කිරීමට තීරණය කර තිබෙනවා.
මොණරාගල දිස්ත්‍රික් ලේකම් ඒ.ජී.නිශාන්ත මහතා පැවසුවේ ජුනි මස 15 දින සිට 30 වන දින දක්වා කාලය තුළ නීති විරෝධී කටයුතුවල යෙදෙන පුද්ගලයින් එම සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
එමෙන්ම පෙරහැර මංගල්‍ය පැවැත්වෙන කාලය තුල සියළුම මත්පැන්හල් වසා දැමිය යුතුයි.
ඒ අනුව එම කාලයේ මත්පැන් අලෙවිය, නීතිවිරෝධී මත්පැන්පෙරීම හා විකිණීම, ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන එම අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
එමෙන්ම සෞඛ්‍ය නීති කඩ කිරීම්, භාණ්ඩ වැඩි මිලට අළෙවි කිරීම්, සොරකම්, මංකොල්ලකෑම්, ගිනි අවි ජාවාරම් ඇතුළු නීතිවිරෝධී කටයුතු සිදුකරන තැනැත්තන් ද ස්ථාපිත කෙරෙන මෙම සංචාරක අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවයි මොණරාගල දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ.
එම සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය කතරගම ප්‍රාදේශිය සභා පරිශ්‍රයේදී ස්ථාපිත කිරීමටයි තීරණය වී ඇත්තේ.




