Published
මත්ද්රව්ය චෝදනාවක් සම්බන්ධයෙන් හෝමාගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිරමැදිරියේ රඳවා සිටි සැකකරුවකු රෝහල්ගත කිරීමේදී මියයාමේ සිදුවීමේ සිද්ධියට නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
ඒ අනුව එම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති, උප පොලිස් පරීක්ෂකවරයෙකු හා පොලිස් සැරයන්වරයෙකුගේයි මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ.
එමෙන්ම මෙම මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා බස්නාහිර දකුණු අපරාධ කොට්ඨාසයට භාරදී තිබෙනවා.
මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය හෙට සිදුකිරීමට නියමිතයි.
මෙලෙස මියගොස් ඇත්තේ කිරිවත්තුඩුව ප්රදේශයේ පදිංචිව සිටි ඉෂාර හර්ෂ කුමාර නැමැති 29 හැවිරිදි දෙදරු පියෙක්.
මියගිය පුද්ගලයාගේ ඥාතීන් චෝදනා කරන්නේ පොලීසියේ දැඩි පහරදීම් හේතුවෙන් සැකකරු මියගොස් ඇති බවටයි




