ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතාට තියුණු ආයුධයකින් පහර දුන් වතු කම්කරුවා පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පිටිගල, බඹරවාන ප්‍රදේශයේ සිය වත්තේදී වතු කම්කරුවන් දෙදෙනෙකු අතර සිදුවූ ආරවුලක් විසදීමට යාමේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තියුණු ආයුධ ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.

එම ප්‍රහාරය එල්ල කර ඇත්තේ අදාළ වතු කම්වරුන් දෙදෙනාගෙන් එක් අයෙකු විසින්.

එහිදී තුවාල ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කෙරුණු බවයි පොලීසිය පැවසුවේ.

කෙසේවෙතත් ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව හිටපු මන්ත්‍රීවරයා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වතු කම්කරුවා ඇල්පිටිය මහේස්ත්‍රාත්වරයා හමුවට අද ඉදිරිපත් කරන බවයි පිටිගල පොලීසිය පැවසුවේ.