බද්දේගම, හල්පාතොට ප්‍රදේශයේ පසුගිය ඉරිදා සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල්ගත කර සිටි අනෙක් කාන්තාව ද ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු සහ ත්‍රීරෝද රථ රියදුරා ඉලක්ක කරමින් වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර තිබුණේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් බවයි පොලීසිය පැවසුවේ.

එම ස්ථානයේදීම ත්‍රීරෝද රථ රියදුරා ජීවිතක්‍ෂයට පත්ව තිබුණා.

තුවාල ලැබූ කාන්තාවන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් කාන්තාවක් එදිනම ජීවිතක්‍ෂයට පත් වුණා.

සෙසු කාන්තාව ඊයේ දිනයේ ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

මේ අතර අදාළ වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය ඊයේ සමත් වුණා.