ලොව පැරණිතම සහ කීර්තිමත් මැරතන් තරගය ලෙස සැලකෙන බෝස්ටන් මැරතන් තරගයේදී ශ්‍රී ලාංකිකයෙකු නව වාර්තාවක් සමග රන් පදක්කමක් දිනාගත්තා.
ඇමරිකාවේ බෝස්ස්ටන්හි හිදී මෙවර මෙම තරඟය පැවැත්වුණේ 130 වැනි වරටයි.
එහිදී වයස අවුරුදු 55-59 පිරිමි කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාවේ ගාමිණී සුගතදාස තරග වැදුණු අතර ඔහු තරගය නිම කළේ එම කාණ්ඩයේ රන් පදක්කම දිනා ගනිමින්.
ඔහු මෙම ජයග්‍රහණය ලැබූයේ වයස අවුරුදු 55 - 59 පිරිමි කාණ්ඩය යටතේ තරඟ වැදුණු සෙසු තරඟකරුවන් 1500කට වැඩි පිරිසක් අභිබවා යමින්.
ගාමිණී සුගතදාසගේ තරඟ නිමි කාලය පැය 2යි, මිනිත්තු 36යි, තත්පර 32ක් වූ අතර එය ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු අවුරුදු 55 - 59 වයස් කාණ්ඩය යටතේ වාර්තා කළ වේගවත්ම කාලය ද වනවා.
බෝස්ස්ටන් මැරතන් තරඟය සඳහා මෙවර සහභාගි වූ මුළු තරගකරුවන් සහ තරගකාරියන් ගණන 30,000ට අසන්නයි.
එහි වෘත්තීය පිරිමි කාණ්ඩයෙන් රන්පදක්කම දිනා ගැනීමට කෙන්යාවේ ජෝන් කොරිර් සමත් වුණා. ඔහු බෝස්ටන් මැරතන් තරගය ජයගත් පිටපිටම දෙවන අවස්ථාවද මෙය වනවා.
මෙවර ඔහු මෙම රන් පදක්කම දිනා ගත්තේ නව තරග වාර්තාවක්ද පිහිටුවමින්.
වෘත්තීය කාන්තා අංශයේ රන් පදක්කම කෙන්යාවේම ෂැරන් ලොකේඩි විසින් දිනා ගත්තා.
බෝස්ටන් මැරතන් තරගය සඳහා රෝද පුටු තරගාංශයක්ද ඇතුළත්.
මෙවර එහි පිරිමි අංශයෙන් රන් පදක්කම දිනා ගත්තේ මාර්සෙල් හග් ඔහු බෝස්ටන් ජයග්‍රහණයක් ලැබූ නව වන අවස්ථාවද මෙය වනවා.
රෝද පුටු කාන්තා අංශයෙන් රන් පදක්කම දිනා ගත්තේ එඩන් රේන්බෝ-කූපර් විසින්.
ඇය බෝස්ස්ටන් මැරතන් තරඟය ජය ගත් දෙවන අවස්ථාවද මෙය වනවා.
මේ අතර ඇතැම් කෙනෙකු බෝස්ස්ටන් මැරතන් තරගාවලියට සහභාගී වන්නේ හුදෙක් ජයග්‍රහණය සඳහා නොවෙයි.
විශේෂ අරමුණු වෙනුවෙන් තරගයට එක්වන බොහෝ අයද සිටිනවා.
”මම මේ මැරතන් එකේ දුවන සැතපුම් 26.2ම කැප කරන්නේ 1998 වසරේ මම මුහුණ දුන් බස් අනතුරෙන් මියගිය මගේ ආදරණීයයන් 27 දෙනා වෙනුවෙන්. බීමත් රියදුරන් නිසා සිදුවන අනතුරු පිළිබඳව ලෝකය දැනුවත් කිරීම මගේ අරමුණයි.” යැයි තරඟයට සහභාගි වූ පනස්වන වියේ පසුවන ජේසන් බූහර් කියා සිටියා.
ඔස්ටේ්රලියාවේ සිඩ්නි නුවර සිට පැමිණ තරඟයට එක් වූ වෛද්‍ය ටිම් ෂින්ඩ්ලර් පැවසුවේ නොමේරූ දරු උපත් පිළිබඳ දැනුවත් කිරීමට සහ අරමුදල් රැස් කිරීමට තමන් මෙම තරඟයට සහභාගී වූ බවයි.




