පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේදී අද අලුයම පොලිස් නිලධාරීන්ට තියුණු ආයුධයකින් පහර දීමට තැත් කර පලා ගිය සැකකරු ඔහු ගමන් ගත් යතුරුපැදිය අතහැර දමාගොස් තිබියදී සොයාගෙන තිබෙනවා.

ඒ, පිළියන්දල - මහරගම ප්‍රධාන මාර්ගයේ කොස් කනත්ත ප්‍රදේශයේ නිවසක් පිටුපස තිබියදියි.

පිලියන්දල, තුම්බෝවිල ප්‍රදේශයේදී පොලිසිය සිදුකල වෙඩි තැබීමකින් පුද්ගලයෙකු අද අලුයම තුවාල ලැබුවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ සැක කටයුතු පුද්ගලයන් දෙදෙනෙකු පරික්ෂා කිරීමට යාමේදී ඔවුන් තියුණු ආයුධයකින් පොලිස් නිලධාරීන්ට පහර දීමට උත්සහ දරා ඇති බවයි .

එහිදී පොලිස් නිලධාරීන් ආත්මාරක්ෂාව සඳහා වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

ඉන් තුවාල ලැබූ සැකකරුවෙකු ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කෙරුණා.

සැකකරුවන් පොලිසියට පහර දීමට උත්සහ කල තියුණු ආයුධය පොලිස් භාරයට ගෙන තිබෙනවා.

යතුරුපැදිය අතහැර පලාගිය අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් විමර්ශන ආරම්භ කර තිබෙනවා.