මහා භාණ්ඩාගාරයේ විදෙස් ණය ගෙවීමකදී අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විගණකාධිපති විමර්ෂණයක් සිදුකල යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසුවේ මුදල් අමාත්‍යංශය යටතේ මේ සම්බන්ධයෙන් සිදුවන විමර්ෂණ කෙරෙහි විශ්වාසයක් තැබිය නොහැකි බවයි.
මහා භාණ්ඩාගාරයේ විදෙස් ණය ගෙවීමකදී අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධිය දැනගත් වහාම විමර්ෂණ අංශ දැනුවත් කල බව නියෝජ්‍ය මුදල් අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා පවසනවා.
ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත් නොකලේ විමර්ෂණවලට බාධා එල්ල වීමේ අවධානම හේතුවෙන් බවයි.
වැරදි ඊ මේල් ලිපිනයක් හරහා අදාල ණය ගෙවීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම හේතුවෙන් වෙනත් ගිණුමකට එම මුදල් ප්‍රේෂණය වී ඇති බවත් අදාල සම්බන්ධීකරණ නිළධාරීන් වඩාත් වගකීමකින් යුතුව ක්‍රියාකල යුතුව තිබූ බවත් මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.




