Published
උණවටුන, දැලවැල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලිමකදී වීසා නොමැතිව මෙරට රැදී සිටි තවත් විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකා මුලස්ථාන කදවුරේ විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 73 ක් වූ එංගලන්ත ජාතිකයෙක්.
ඔහු සන්තකයේ තිබී කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 280යි මිලි ග්‍රෑම් 150, හැෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10, හඳුනා නොගත් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 40 හා විවිධ විදෙස් මුදල් ද සොයාගෙන තිබෙනවා.
සැකකාර විදෙස් ජාතිකයා වැඩිදුර විමර්ශන සදහා හබරාදූව පොලිස් ස්ථානය වෙත භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවේ.




