Published
මත්ද්‍රව්‍ය සහ දුම්වැටි ළඟ තබාගෙන සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු එම විශ්වවිද්‍යාලයේ විනය ආරක්ෂක නිලධාරීන් විසින් සිය භාරයට ගනු ලැබ තිබෙනවා.
ඒ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරයක හදිසියේ සිදුකළ පරීක්ෂාවකදීයි.
එහිදී එම විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනා සන්තකයේ තිබී හෂීස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 7,530 ක් සහ නීතී විරෝධී විදෙස් දුම්වැටි 40ක් සොයාගෙන තිබෙනවා.
එම සිසුන් දෙදෙනා 23 හැවිරිදි වියේ පසුවන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබන දෙදෙනෙක්.
ඔවුන් වැඩිදුර විමර්ශන සදහා පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.




