Published
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රි චමින්ද විජේසිරි මහතාට වසර එක හමාරක සිර දඩුවමක් නියම කර තිබෙනවා.
ඒ, බදුල්ල මහාධිකරණයෙන්.
පොලිස් නිලධාරින් දෙදෙනෙකුට මරණීය තර්ජනය කර තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ මන්ත්රීවරයාට මෙලෙස සිරදඩුවම් නියම කර තිබෙනවා.
2019 වසරේ පෙබරවාරි 10 වනදා හෝ ඒ ආසන්න දිනක බණ්ඩාරවෙල නගරයේ වටරවුම අසලදී පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරි මහතා ඇතුළු පිරිසක් ජීප් රථවලින් ගමන් කරමින් සිටියදී, ඔහුගේ ජීප් රථය පොලිස් ජීප් රථයක් විසින් ඉස්සර කරගෙන යාම සම්බන්ධයෙන් ඇතිවූ බව කියන බහින්බස්වීමක් මෙම සිද්ධියට මුල්වී ඇති බව නඩු විභාගයේදී වුණා.



