දොම්පේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය භාරයේ පවතින, මල්වාන ප්‍රදේශයේ පිහිටි ඉඩමක විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පිරිසක් දින කිහිපයක් තිස්සේ රැඳී සිටීම පිළිබඳ ව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව එම ශිෂ්‍යයන්ගේ ඉල්ලීම් පිළිබඳ අදාළ පාර්ශව සමඟ සාකච්ඡාවක් හෙට අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන්, අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙම සාකච්ඡාවෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ ව තීරණය කරනු ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ.

මේ අතර කතාබහට ලක්ව ඇති මල්වාන නිවස වෙනුවෙන් හිමිකරුවෙකු සිටින බව එම නිවස ඉදිකල කොන්ත්‍රාක්කරු වන උපුල් කුමාර රාමවික්‍රම මහතා පවසනවා.

යටියන්තොටදි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේ ජායාරූප සහ ලියකියවිලි ද ඉදිරිපත් කරමින්.

එමෙන්ම මල්වානේ නිවසේ සැබෑ අයිතිකරු පිලිබද දැන ගැනිම සදහා ලබන 27 වනදා කොළඹ වානිජ අධිකරනයට පැමිනෙන ලෙස ද ඔහු එහිදී ඉල්ලීමක් ද කළා.