ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද පස්වරුවේ වීථි සංචාරය කෙරෙනවා.

ඒ, චාරිත්‍රානුකූලව සවස 6.28ට යෙදෙන සුභ මොහොතින් උතුරු දිශාභිමුඛවයි.

දළදා මාළිගා පරිශ්‍රයේ මහමළුවෙන් පිටත්වන පෙරහැර දළදා වීදිය, යටිනුවර වීදිය සහ රජ වීදිය ඔස්සේ ගමන් කර නැවත දළදා මාලිගා පරිශ්‍රයට ගෙවැදීමට නියමිතයි.

ශ්‍රී දළදා මාළිගාවේ පෙරහැර පෙරටු කරගනිමින් නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සතර මහා දේවාලයන්හි පෙරහැරවල් ද මෙයට එක් වනවා.

පළමු රන්දෝලි පෙරහැර හෙට රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිත අතර, ලබන 27 වනදා අවසන් රන්දෝලී මහා පෙරහැර වීථී සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.