මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙරහැර අද
වීථි සංචාරය කිරීමට නියමිත තිබෙනවා.

ඒ, පස්වරු 6.44ට යෙදී ඇති සුබ මොහෙතින්.

මෙම පෙරහැර දළදා වීදිය, පන්සල් වීදිය, දේව වීදිය, කොළඹ වීදිය, කොටුගොඩැල්ල වීදිය, හරස් වීදිය, ඩී.එස් සේනානායක වීදිය, රජ වීදිය ඔස්සේ ඉහළට විත් පළමු රන්දෝලි පෙරහැර ගෙවදීමට නියමිතව තිබෙනවා.

පෙරහැර වීථි සංචාරය කරන කාලය තුළ මහනුවර නගරය තුළ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මකයි. .