දේශීය ජල තීරය ආවරණ වන පරිදි සිදුකළ විශේෂ මෙහෙයුම් කිහිපයකදී නීතිවිරෝධී ක්‍රම භාවිත කරමින් ධිවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 41 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව එක්ව සිදුකළ මෙහෙයුම්වලදීයි.

එහිදී ඩිංගි යාත්‍රා එකොළහක් සහ ට්‍රැක්ටර් රථ දෙකක් ද සිය භාරයට ගත් බවයි නාවික හමුදාව සදහන් කළේ.

ත්‍රිකුණාමලය චෙම්මලෙයි, චෙඩ්ඩිපලයාම්, එලිස‍බෙත් දූපත, ෆවුල් පොයින්ට්, ක්ලැපන්බර්ග් පොයින්ට්, උප්පුරාල්, නන්දිකඩාල් කලපුව, අලම්පිල්, අලියා දූපත, පුඩුවකට්ටු, පුත්තලම උච්චමුනෙයි සහ යාපනය කොමාර් පොයින්ට් වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණ වන පරිදි එම මෙහෙයුම් සිදුකර තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් ඉදිරි නීතිමය කටයුතු සඳහා මුලතිව්, කින්නියා, කොඩ්බේ, ඊච්චලම්පත්තු, කලවංචිකුඩි, කිලිනෝච්චිය, පුත්තලම යන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලයන් වෙත සහ පුල්මුඩේ විශේෂ කාර්ය බලකාය වෙත භාර දුන් බවද නාවික හමුදාව වැඩිදුරටත් සදහන් කළා.