කොස්වත්ත, පොතුවටවන ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මහා පරිමාණ කේරළ ගංජා ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.

සැකකරු සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝ 16 ක් සහ ලක්ෂ 09 කට අධික මුදල් තොගයක් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වනවා.

ඔහු වැඩිදුර විමර්ශන සදහා කොස්වත්ත පොලිස් ස්ථානය වෙත භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවේ.