කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අසල මාර්ග සංඥා කුළුණක නැග සිටි පුද්ගලයෙකු ඉන් බස්සවා කොටුව පොලීසිය වෙත රැගෙන ගොස් තිබෙනවා.

ඔහු එම කුළුණ මතින් පහතට ගෙන ඇත්තේ කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

අදාළ පුද්ගලයා මීට පෙර අවස්ථාවකදී ද මෙවැනි කණුවකට නැග මෙලෙස විරෝධතාවයේ යෙදී ඇති බව පොලීසිය පැවසුවා.