Published
2027 වසර සඳහා වන අයවැය කථාව අද පස්වරු 1.30ට පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති.
අයවැය දෙවැනිවර කියවීමේ විවාදය නොවැම්බර් 13 වැනිදා සිට 20 වැනිදා දක්වා දින හතක් පැවැත්වීමට නියමිත අතර, ඊට අදාළ ඡන්ද විමසීම නොවැම්බර් 20 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතයි.
අනතුරුව අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 21 වැනිදා සිට දෙසැම්බර් 14 වැනිදා දක්වා දින 19ක් පැවැත්වීමට නියමිත අතර එම කාලය තුළ සෙනසුරාදා දින හතරක් ද විවාදය සඳහා වෙන් කර තිබෙනවා.
2027 අයවැය තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුව සඳහන් කළා.




