මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් මියගිය  නිලධාරීන්ගේ දේහයන් වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය වෙත රැගෙන විත් තිබෙනවා.

ඒ, රාජකාරි වේලාවේදී රැඳවියන්ගේ අමානුෂික පහරදීම් හේතුවෙන් මියගිය එම නිලධාරීන්ට අවසන් බුහුමන් දැක්වීම සඳහායි.

ඒ අනුව  නිලධාරීන් හත් දෙනෙකුගේ  දේහයන් වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේ  පැරණි පුහුණු මධ්‍යස්ථානයේ තැන්පත් කර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

එම නිලධාරීන්ට අවසන් බුහුමන් දැක්වීම සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, ඉහළ නිලධාරීන් මෙන්ම සෙසු නිලධාරීන් ද එක්වීමට නියමිතයි.

පැයක පමණ කාලයක් එහි තැන්පත් කෙරෙන දේහයන් පසුව එම නිලධාරීන් පදිංචිව සිටි  ප්‍රදේශ වෙත රැගෙන යාමට   නියමිතව තිබෙනවා.

මේ අතර මීගමුව බන්ධනාගාර  ගැටුමෙන් මියගිය නිලධාරීන්ට ශෝකය පළ කරමින් දිවයිනේ සියලු බන්ධනාගාරවල පාහේ සුදු කොඩිවලින් සරසා බැනර් ප්‍රදර්ශනය කර තිබෙනවා.