Published
වැලිකඩ බන්ධනාගාර රෝහල් ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත්තේ මීට දින 6කට පෙර එම රෝහලට ඇතුළත් කළ මීගමුව බන්ධනාගාරයේ රැඳවියෙකු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව ඔහු පසුගියදා මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමට ලක්වූ රැඳවියෙකු නොවන බවයි නෙත් නිව්ස් කළ විමසීමකදී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ සී ගජනායක මහතා පැවසුවේ.
කෙසේවෙතත් මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් පසු වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවූ රැඳවියන් එම බන්ධනාගාර තුළදී දරුණු ලෙස කායික වද හිංසාවන්ට ලක්වන බවට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව චෝදනා කරනවා.
එම සංවිධානයේ කැදවුම්කරු සුදේශ් චන්දිමාල් පැවසුවේ එලෙස වැලිකඩ බන්ධනාගාරයට මාරු කර යැවූ රැදවියෙකු පහර කෑමට ලක්ව මිය ගොස් ඇති බවට තොරතුරු වාර්තා වන බවයි.
කෙසේවෙතත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව එම චෝදනාව ප්‍රතික්ෂේප කළා.



