මීගමුව බන්ධනාගාරයේ අද උදෑසන නැවත ඇති වූ ගැටුම්වලින් මියගිය ගණන් 4 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
පොලීසිය පැවසුවේ බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකු සහ එක් රැදවූවෙකු එලෙස මියගොස් ඇති බවයි.
අද පෙරවරුවේ පැවති ගැටුම්වලින් තුවාල ලැබූ 20කට ආසන්න පිරිසක් රෝහල්ගත කර තිබෙනවා.
මේ වනවිටත මිගමුව බන්ධනාගාර තුළ නොසන්සුන්කාරී බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.
ඒ අනුව අද උදෑසන බන්ධනාගාරය තුළින් වෙඩි හඩ ඇසුණු බවද නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවා.
තත්ත්වය පාලනය කිරිම සදහා අතිරේක පොලිස් බලඇණි සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ද කැදවා තිබෙනවා.
රැදවුවන්ගේ ඥාතීන් ඇතුළු පිරිසක් බන්ධනාගාරය අවට රැස්ව සිටින අතර ඔවුන්ද නොසන්සුන් ලෙස හැසිරෙන බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.
රැදවුවන් දෙපිරිසක් අතර මීගමුව බන්ධනාගාරයේ ඊයේ පස්වරුවේ ගැටුමක් ඇති වුණා.
එහිදී තුවාල ලැබු 36 දෙනෙකු ඊයේ රෝහල්ගත කෙරුණු අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු මියගියා.

