මීගමුවෙන් බන්ධනාගාරයේ අද ගැටුමෙන් මියගිය ගණන 19 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මිගමුව දිස්ත්රික් රෝහලේ උසස් නිලධාරියෙකු පැවසුවේ ඒ අතර නිලධාරීන් සිව් දෙනෙකු වන බවයි.
තුවාල ලැබූ 50 කට වැඩි පිරිසක් මේ මීගමුව දිස්ත්රික් රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මීගමුව බන්ධනාගරයේ අද පෙරවරුවේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය තවමත් සමනය වී නැහැ.
ඒ අනුව තත්ත්වය පාලනය කිරිම සදහා අතිරේක පොලිස් බලඇණි සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ද තවදුරටත් කටයුතු කරමින් සිටින බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
මේ අතර රැදවුවන්ගේ ඥාතීන් ඇතුළු පිරිසක් බන්ධනාගාරය අවට රැස්ව සිටින අතර ඔවුන්ද තවදුරටත් නොසන්සුන් ලෙස හැසිරෙන බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.
රැදවුවන් දෙපිරිසක් අතර මීගමුව බන්ධනාගාරයේ ඊයේ පස්වරුවේ පළමුව ගැටුම හටගත්තා. එහිදී තුවාල ලැබු 36 දෙනෙකු ඊයේ රෝහල්ගත කෙරුණු අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු මියගියා.

