Published
මීගමුව බන්ධනාගාරය ඇතුළත යළිත් නොසන්සුන් වී ඇතැයි වාර්තා වනවා.
ඊයේ ඇතිවූ තත්ත්වයෙන් පසු අද උදෑසන වනවිට බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කර තිබුණා.
කෙසේවෙතත් යළි නොසන්සුන් තත්ත්වයක් හටගෙන ඇති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර පළමුව නොසන්සුතාවක් හට ගත්තේ ඊයේ පස්වරු 1ට පමණයි.
එහිදි තුවාල ලැබූ රැදවියන් 36 දෙනෙකු රෝහල් ගත කළ බවත් ඉන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්වු බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවා.




