Published
මීගොඩ පැවති දන්සලක පුද්ගලයින් 6 දෙනෙකුට මරු කැදවීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කළ කැබ් රථ රියදුරා අද දිනයේ වෙනත් වාට්ටුවක රැදවීමට නියමිතව තිබෙනවා.
ඔහු ඊයේ පස්වරුවේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන ඒමෙන් පසුව නවක රැදවියන් රදවනු ලබන එල් වාට්ටුවේ රදවා තිබෙනවා.
අද දිනයේ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමෙන් පසු ඔහු එම බන්ධනාගාරයේ වෙනත් වාට්ටුවකට මාරු කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.




