මීගොඩ මාරක අනතුර සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටින සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය අපේක්ෂා කරනවා.

හයිලෙවල් මාර්ගයේ මීගොඩ මංසන්දිය අසළ කැබ් රථයකින් පැමිණි රියැදුරෙකු විසින් දන්සලක පෝලිමක සිටි පිරිසක් අනතුරට ලක් කරමින් ඉන් 06දෙනෙකු මියගොස් තවත් පුද්ගලයන් 07 දෙනෙකුට බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලිස් ස්ථානය විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව එහි රියැදුරු අත්අඩංගුවට ගෙන ජුනි 01වනදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු ජුනි 16වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ රියැදුරු සමඟ පුද්ගලයින් තිදෙනෙතු ගමන් කර ඇති බවත්, රියැදුරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මෙම පුද්ගලයින් තිදෙනා කැබ් රථෙයන් බැස පලා ගොස් ඇති බවටත් වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වුනා.

මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන කණ්ඩායම් 02ක් යොදවා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර මොවුන් හඳුනා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය මහජන සහය අපේක්ෂා කරනවා.