විපක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගෙන මීළඟ ජනාධිපතිවරණය තනි අශ්වයෙකුගේ තරගයක් බවට පත් කිරීමට ආණ්ඩුව උත්සාහ දරමින් සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඊට මෙරට ජනතාව කෙතරම් විරුද්ධ දැයි ලබන 12 වනදා අනුරාධපුරේදී පැවැත්වෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනරැළියට එක්වන ජනතාවගෙන් පැහැදිලි වනු ඇති බවයි ඔහු කියා සිටියේ.
"සාක්ෂි නැති, හුදු කටවචන මත පදනම් වෙලා විපක්ෂය දඩයම් කිරීමේ දේශපාලනයක, විපක්ෂයට බය වුණු වර්තමාන ආණ්ඩුව කරනවා. මේ අය දැනටමත් කියලා තියෙනවා ඊළඟට එන ජනාධිපතිවරණයට ඉතුරු වෙන්නේ පෙරමුණුගාමී විපක්ෂයේ කුමාර් ගුණරත්නම්, ජනසෙත පෙරමුණේ බත්තරමුල්ලේ සීලරතන හිමි සමග අනුර දිසානායක පමණයි කියලා. අනිත් සියලු දෙනාම අත්අඩංගුවට අරන් විපක්ෂය අත්අඩංගුවේ තියෙද්දී තනි අශ්වයාගේ තරගයක් බවට 2029 ජනාධිපතිවරණය පත් කිරීමේ දුෂ්ට උත්සාහයක තමයි ආණ්ඩුව යෙදිලා ඉන්නේ. ඒකට මේ රටේ ජනතාව කෙතරම් විරුද්ධද කියන එක 12 වෙනිදා අනුරාධපුරයට පක්ෂ භේදයකින් තොරව ගලන ජනගඟෙන් ආණ්ඩුවටම තේරුම් ගන්න පුළුවන්."