සාගරිකා දුම්රිය පීලි පැනීම හේතුවෙන් අඩාල වූ මුහුදුබඩ මාර්ගයේ ධාවන කටයුතු අද දිනයේදී සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ මාධ්‍ය ප්‍රකාශක අසංක සමරසිංහ මහතා කියා සිටියේ සදුදා වන විට මගීන්ට කිසිදු අපහසුතාවයකින් තොරව ගමන් කිරීම සදහා දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීමට තටයුතු කරමින් ඇති බවයි.
කෙසේවෙතත් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පහළ මාර්ගය සාමාන්‍ය දුම්රිය ධාවනයට ලබාදීමට ඊයේ පස්වරුවේ කටයුතු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා.
ඒ, සාගරිකා දුම්රිය පීලි පැනීමකට ලක්වූ වාද්දුව දුම්රිය ස්ථානය ආසන්නයේ එක් මංතීරුවක පැවති අවහිරතා ඉවත් කරමින්.
ඒ අනුව අද දිනයේ සාමාන්‍ය දුම්රිය කාලසටහන ක්‍රියාත්මක කරන බවත් ඇතැම් විට දුම්රිය ධාවනයේදී සුළු ප්‍රමාදයන් පැවතිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පැවසුවා.
සාගරිකා දුම්රිය පිලී පැනීමෙන් ඊයේ දිනයේ මතුවූ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු සඳහා විකල්ප ලෙස ලංගම බස් රථ යෙදවීමට පියවර ගැණුනා.




