ඩුබායි සිට මෙරටට පිටුවහල් කල විවිධ අපරාධවලට චෝදනා ලබා සිටි ශ්‍රී ලාංකිකයන් 21 දෙනා අදාළ පොලිස් ස්ථාන වෙත භාරදී තිබෙනවා.
ශ්‍රී ලංකාව තුළ විවිධ අපරාධවලට චෝදනා ලබා සිටි මෙම ශ්‍රී ලාංකිකයන් 21 දෙනා එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පළා ගොස් සැගවී සිටින අතරතුර මැදපෙරදිග යුද්ධයේදී භාවිතා කළ ඩ්‍රෝන යානා, මිසයිල වීඩීයෝ සහ ජායාරූප ගත කර තම ජංගම දුරකථන තුළ තබා ගෙන ඇති බවයි වාර්තා වුණේ.
එසේ සිටියදී, එරට ආරක්ෂක නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන, රක්ෂිත බන්ධනාගාර ගත කර සිට ඊයේ දින උදෑසන ගුවන් යානා දෙකකින් මෙරටට පිටුවහල් කර එවා තිබුණා.
එහිදි එම පිරිස කටුනායක ගුවන් තොටුපොලේ දී අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින්.
එම පිරිසෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔවුන් අදාළ පොලිස් ස්ථාන වෙත භාරදි තිබෙනවා.
එම පිරිස අතර තරුණියන් දෙදෙනෙකුද වන බවයි පොලීසිය පැවසුවේ.










