Published
මෙහෙන් කෙහෙල් කඳ දැම්මම, එහෙන් නිමි ඇඳුම් එන කර්මාන්ත ශාලාවක් ඇති කරන බවට නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා දැන් පුරසාරම් පැවසුවද එම තාක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ තමන් කර්මාන්ත අමාත්‍යවරයාව සිටියදී මීට වසර හතකට පමණ පෙර බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.
දැනටමත් කෙහෙල් තන්තු මගින් නිෂ්පාදනය කරන නිමි ඇඳුම් ශ්‍රී ලංකාවෙන් වෙනත් රටවලට අපනයනය කරන බවයි ඔහු පවසන්නේ.
මේ පිළිබඳ කරුණු දක්වමින් විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා සිය නිල ෆෙස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.
මෙහෙන් කෙහෙල් කඳ දැම්මම එහෙන් නිමි ඇඳුම් එන කර්මාන්ත ශාලාවක් ඇති කරන බවට නියෝජ්‍ය ආමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළේ ඉකුත්දා ඇඹිලිපිටිය ප්‍රදේශයේදී ගොවීන් පිරිසක් හමු වූ අවස්ථාවේදීයි.




