Published
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ඔහු අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටි අවස්ථාවේදීයි.
ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ බ්‍රිතාන්‍ය නාවික හමුදා ඇකඩමියට සම්බන්ධ වීමට අදාළව කෙරෙන විමර්ශනයකට අදාළව අල්ලස් කොමිසම කළ දැනුම්දීමකට අනුව එම කොමිසම හමුවේ අද පෙනී සිටියා.




