ශ්‍රී ලංකාවේ අපරාධ චෝදනා ලැබ විදෙස්ගතව සැගව සිටි අත්අඩංගුවට ගැනීම සදහා ජාත්‍යන්තර රතු නිවේදන ද නිකුත් කර තිබූ තවත් අයෙකු මාලදිවයිනේදී අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාවට රැගෙන ආවා.
සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස හදුනාගෙන ඇති මෙම පුද්ගලයා තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී වෙඩි තබා නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කෙරුණූ අපරාධය සම්බන්ධයෙන් ද පොලීසියට අවශ්‍ය කර සිටි අයෙක්.
සැකකරු ඇත්කඳුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද මේ වනවිට 23 වන වියේ පසුවන්නෙකු බව ද හදුනාගෙන තිබෙනවා.
මෙම සැකකරුගේ දත්ත කටුනායක ගුවන් තොටුපලේ ස්ථාපිත කර ඇති ස්වයංක්‍රීය මුහුණු හඳුනා ගැනීමේ පද්ධතියට ඇතුළත් කර තිබුණු බවයි පොලීසිය පවසන්නේ.
ඒ අනුව මාලදිවයිනේ සිට පැමිණී අවස්ථාවේදී එම පද්ධතිය විසින් ද සැකකරු හදුනාගෙන තිබෙනවා.
මේ අතර වැඩිදුරටත් අනාවරණ වූ තොරතුරු වලට අනුව මාලදිවයිනේදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන ආ මෙම සැකකරු මීට පෙර ද විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූ සහ අධිකරණව විසින් වරදකරු කළ අයෙක්.
මත්ද්‍රව්‍ය ළග තබාගැනීමේ වරදකට 2025 ඔක්තොම්බර් 21 වන දින බද්දේගම මහේස්‍රාත් අධිකරණය විසින් ඔහු වරදකරු කර දඩ නියම කර තිබෙනවා.
මත්ද්‍රව්‍ය ළග තබාගැනීම සම්බන්ධයෙන් තවත් නඩුවකදී 2025 දෙසැම්බර් 15 වනදා ඇල්පිිටිය මහේස්‍රාත් අධිකරණය විසින් ද ඔහු වරදකරු කර දඩ නියම කර ඇති බවයි නෙත් නිව්ස් කළ ගවේෂනයේදී දැනගන්නට ලැබුණේ.
මීට පෙරද මොහු බද්දේගම සහ ඇල්පිටිය ප්‍රදේශවලදී විෂ මත්ද්‍රව්‍ය හා හෙරොයින් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව අධිකරණයෙන් දඩුවම් ලැබූ අයෙකු බව පොලිසිය පවසනවා.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය මඟින් ක්‍රියාත්මකයි.




