Published
රථවාහන ලියාපදිංචිය සදහා අවශ්‍ය ලේඛන ව්‍යාජ ලෙස සකස් කර මුදල් ලබාගත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, බොරැල්ල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත නාරාහේන්පිට මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලය ආසන්නයේ පවත්වාගෙන ගිය ස්ථානයක් වැටලූ අවස්ථාවේදීයි.
එහිදි අත්අඩංගුවට ගෙන ඇත්තේ නාරාහේන්පිට ප්‍රදේශයේම පදිංචි පුද්ගලයන් තිදෙනෙක්.
අදාළ ස්ථානයේ තිබී මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ශීර්ෂපාඨ ඇතුලත් ආදායම් බලපත්‍ර ඉල්ලුම්පත් 02 ක්, එම දෙපාර්තමේන්තුවේ නම සඳහන් ව්‍යාජ රබර් මුද්‍රාවක් සහ තවත් ව්‍යාජ ලියවිලි රැසක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිස් ස්ථානය මගින් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.


