හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා.
ඒ, ප්‍රකාශයක් ලබාදීම සදහායි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ පාර්ලිමේන්තු පාරේ පිහිටි නිවසට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් පසුගියදා ගොස් තිබුණා.
ඒ, සිදුකරන විමර්ශනයකට අදාළව ඔහුට කර තිබූ දැනුම්දීමකට මත කොමිසම හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් බවයි වාර්තා වුණේ.
එම අවස්ථාවේ මන්ත්‍රීවරයා නිවසේ නොසිටි බවද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවා.
කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් රවී කරුණානායක මන්ත්‍රීවරයාගේ පාර්ශවයෙන් එදින සදහන් කළේ මන්ත්‍රීවරයා කිසිසේත්ම අල්ලස් කොමිසම මගහැරීමක් සිදුකර නොමැති බවයි.
විමර්ශනයකට අදාළව අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස මන්ත්‍රීවරයාට දැනුම්දීමක් කර තිබුණද, අදාළ දිනයේදී මන්ත්‍රීවරයාට කොමිසමට පැමිණීමට නොහැකි බැවින්, නීතිඥයන් හරහා වෙනත් දිනයක් ඉල්ලා තිබූ බවද එම පාර්ශවය සදහන් කර සිටියා.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා මෙලෙස අද අල්ලස් කොමිසමට පැමිණ තිබෙනවා.




