Published
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත තුළ අන්තර්ගත සුරා බදු පනත සම්බන්ධයෙන් වූ වැරදි සියල්ල ඉවත් කිරීමට යෝජනා කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
එමෙන්ම බුද්ධිමය දේපළ වැරදිවලට අදාළව තිබෙන ප්‍රකාශන අයිතිය අයිතිය පිළිබඳ වැරදිද එම පනත් කෙටුම්පතෙන් ඉවත් කර තිබෙන බවයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා ප්‍රකාශ කළේ.
ඊට අමතරව අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයින් රඳවා ගැනීම සහ රැඳවුම් නියෝග නිකුත් කිරීම පිළිබඳව කාරණා පිළිබඳව සිදු කරන සංශෝධන ඉදිරියේදී තීරණය කරන බවත් මෙහිදී සොලිසියට ජෙනරාල්රවයා ප්‍රකාශ කළා.
අදාල පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම් සිදු කරුණා.




