මැදපෙරදිග යුදමය තත්වය ගැන අවධානයෙන් සිටින බව ඉන්දියාව කියයි
ඊශ්‍රායල-ලෙබනන් සටන් විරාමය ඉන්දියාව සාදරයෙන් පිළිගන්නා බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල්
ප්‍රකාශ කළේය.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු පැවසුවේ සාමය කරා යන සෑම පියවරක්ම ඉන්දියාව සාදරයෙන් පිළිගන්නා බවයි
ඉරානය සහ එක්සත් ජනපදය අතර සාම ක්‍රියාවලියේදී පකිස්ථානයේ භූමිකාව පිළිබඳව නැඟුණු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ජයිස්වාල් කියා සිටියේ බටහිර ආසියානු යුද්ධයේ සියලු වර්ධනයන් පිළිබඳව ඉන්දියාව දැඩි අවධානයෙන් පසුවන බවයි.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දෙරට අතර ප්‍රථම නිල හමුවක් සංවිධානය කිරීමට උත්සාහ කරන බව පවසා සිටින පසුබිමක, ලෙබනනය සහ ඊශ්‍රායලය අතර එකඟ වූ දින දහයක සටන් විරාම ගිවිසුම අප්‍රේල් 16 සිට ක්‍රියාත්මක විය.
ඉරානය සමඟ පවතින යුද්ධය අවසන් කිරීම සඳහා ගිවිසුමකට එළඹීමට වොෂින්ටනය දරන උත්සාහයන් තීව්‍ර වී ඇති අතර, ඕනෑම ගිවිසුමක කොටසක් ලෙස ලෙබනන් සටන් විරාමයක් ද ඇතුළත් විය යුතු බවට ටෙහෙරානය අවධාරණය කර තිබිණි.
බටහිර ආසියානු යුද්ධය ආරම්භ වූයේ පෙබරවාරි 28 වන දින එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ වන අතර, මාර්තු 2 වන දින හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෙබනනය ද මෙම යුද්ධයට ඇදී ආවේය.




