ලෝකයේ වේගයෙන්ම දියුණුවන රටවල් අතර ශ්‍රී ලංකාව 4වන ස්ථානයට ශ්‍රේණීගත වී තිබෙනවා.

ඒ, ජාත්‍යන්තර මූල්‍ය ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබෙන 2026 ආයෝජක සබදතා සහ ණය විනිවිදභාවය පිළිබඳ වාර්තාවට අනුවයි.

නැගී එන සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් 57ක් සැලකිල්ලට ගනිමින් මෙම වාර්තාව සකස් කර තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකාවේ ආයෝජක සම්බන්ධතා දර්ශකය, ලකුණු 50න් 43.67 දක්වා ඉහළ ගොස් තිබීම විශේෂත්වයක්.

ණය තොරතුරු විනිවිදභාවය සහ පාරිසරික, සමාජයීය හා යහපාලන දත්ත ප්‍රකාශයට පත්කිරීම අතින් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය මෙම සාර්ථකත්වයට ප්‍රධාන ලෙස හේතු වී තිබෙනවා.

ආරක්ෂක, පුනර්ජනනීය බලශක්ති සහ තාක්ෂණික ක්ෂේත්‍ර සඳහා ගෝලීය වශයෙන් විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇති පසුබිමක, ආයෝජන ආකර්ෂණය කරගැනීමට මෙවැනි විනිවිදභාවයකින් යුතු ප්‍රතිපත්ති පවත්වාගෙන යාම ඉතා වැදගත් වන බවයි ජාත්‍යන්තර මූල්‍ය ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මෙම වාර්තාවට අනුව ලෝකයේ වේගයෙන්ම දියුණු වන රට ලෙස වියට්නාමය ශ්‍රේණිගත වී තිබෙනවා.

දෙවන ස්ථානයට ශ්‍රේණිගත වී ඇත්තේ බෙලීස් රාජ්‍යයි.

මොසැම්බික් රාජ්‍යය තුන්වන ස්ථානයට ශ්‍රේණීගත වී තිබෙනවා.