දුම්රිය වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වුවද අදත් වෙනදා වගේ දුම්රිය ධාවනය කරන බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව සියලු කාර්යාලීය දුම්රියන් අද උදෑසනත් ධාවනය වු බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

කෙසේවෙතත් අද දිනය තුලත් සැලසුම් කළ පරිදි සිය වෘත්තිය ක්‍රියා මාර්ගය ක්‍රියාත්මක බවයි වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති පවසන්නේ.

ඔවුන්ගේ ප්‍රධානතම ඉල්ලිම වන්නේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම ධුරයෙන් ඉවත් කළ යුතු යන්නයි.

එවන් පසුබිමක් තුළ වර්ජනයක් ක්‍රියාත්මක වෙද්දී දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය වන්නේ කෙසේද සහ වර්ජනයේ නිරත වෘත්තීය සමිති එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු ලහිරු කපුගේ දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය මහතාගෙන් ඍජුවම ප්‍රශ්න කළා.

මේ අතර දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ප්‍රමුඛ වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ දෙදින වැඩවර්ජනය අද මධ්‍යම රාත්‍රී දොළහෙන් අවසන්වීමට නියමිතයි.