Published
වහාම ක්‍රියාත්මක වන පරිදි වවුනියාව නගරාධිපතිවරයා සහ චාවකච්චේරි නගර සභාවේ උප සභාපතිවරයා ඔවුන් දැරූ ධුරවලින් ඉවත් කර තිබෙනව.
ඒ, උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින්.
උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් මහතා විසින් සිදුකළ විශේෂ විමර්ශනයකින් අනතුරුව මෙම පියවර ගෙන තිබෙනවා.
ඔවුන් දෙදෙනා ධුරවලින්බ අදාළ විශේෂ ගැසට් නිවේදනයද මේ වන විට නිකුත් කර තිබෙනවා.
ආණ්ඩුකාරවරයාගේ මෙම නියෝගයත් සමග, වවුනියාව නගරාධිපති ලෙස කටයුතු කළ සුන්දරලිංගම් කන්දීබන් මහතාට ඔහුගේ නගරාධිපති ධුරය මෙන්ම සභික ධුරයද අහිමි වනවා.
එමෙන්ම, චාවකච්චේරි නගර සභාවේ උප සභාපති ලෙස කටයුතු කළ ඥානප්‍රගාසම් කිෂෝර් මහතාටද ඔහුගේ උප සභාපති ධුරය සහ සභික ධුරය අහිමි වී තිබෙනවා.




