අවසාන පන්දුවාර කිහිපයේදී තරඟය උඩුයටිකුරු කරමින් එංගලන්තය පරදා තවත් විශිෂ්ට ක්රිකට් ජයක් ලැබීමට පකිස්ථානය ඊයේ සමත් වුණා.
තරගය පැවැත්වුණේ පකිස්ථානයේ ලාහෝර් නුවරදීයි.
මෙම තරඟයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම ලකුණු 241ට සියලු දෙනා දැවී ගියා.
ඒ අනුව පකිස්ථාන පිතිකරුවන් පිටියට පිවිසියේ ජයග්රහණය සඳහා ලකුණු 242ක ඉලක්කයක් හඹා යාමටයි.
ආරම්භයේ සිටම පකිස්ථාන පිතිකරුවන්ට දැඩි පීඩනයක් ගෙන දීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වුණා.
එහි ප්රතිඵලයක් ලෙස වරෙක පකිස්ථාන ලකුණු පුවරුව කියවුනේ කඩුලු නවයක් දැවී ලකුණු 154ක් ලෙසයි.
එහෙත් තරඟය අත්නොහල පකිස්ථානය තවදුරටත් සටන්කාමී පිතිහාරඹයක නිරත වූ අතර ඒ අනුව පන්දුවාර 47යි එක් පන්දුවකදි ලකුණු 243ක් ලබාගනිමින් තරගය ජය ගැනීමට පකිස්ථානය සමත් වුණා.
පකිස්ථාන ජයග්රහණයේ නියමුවා වූයේ ශාදාබ් ඛාන්. ඔහු පන්දු 96කදී නොදැවී ලකුණු 113ක් ලබාගත්තා.
ඔහුට අනගි සහයක් ලබාදුන් පකිස්ථාන පිතිකරු ලැයිස්තුවේ අවසන් පිතකරු වූ හැරිස් රවුෆ් පන්දු 19ට මුහුණ දී නොදැවී ලකුණු 7යි.
ශාදාබ් ඛාන් සහ හැරිස් රවුෆ් අතර අවසන් කඩුල්ල සඳහා වූ නොබිඳුණු සබදතාව ලකුණු 89ක්.
මෙය එක්දින ක්රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් ලකුණු හඹා ගොස් ජයගත් අවස්ථාවකදී 10වන කඩුල්ල වෙනුවෙන් වන හොඳම සබඳතාවද වනවා.
මෙහිදී ශාදාබ් ඛාන් සහ හැරිස් රවුෆ් විසින් බිඳ හෙළනු ලැබූයේ වසර 51 ක් පැරණි වාර්තාවක්.
1975 දී පකිස්ථානයට එරෙහිව බටහිර ඉන්දීය කොදෙව් ක්රීඩක දෙපළක් වන ඩ්රයික් මුරේ සහ ඇන්ඩ්රි රොබට්ස් ලකුණු 64 ක සබඳතාවක් ගොඩනඟමින් මීට පෙර මෙම වාර්තාව පිහිටුවා තිබුණා.




