සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව් වන දිනය අදයි.
ඊයේ දිනයේ තරගය නතර කරන සිය දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 15ක්.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම, බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ පළමු ඉනිමට වඩා ලකුණු 303ක් පිටුපසින් සිටිනවා.
තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව් කණ්ඩායමේ ආරාධනාවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලුදෙන දැවී ලකුණු 308ක් රැස් කළා.
එහිදී ධනංජය ද සිල්වා ලකුණු 120ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 54ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී ජස්ටින් ග්‍රෙවස් කඩුලු තුනක් බිඳහෙලුවා.
අනතුරුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම කඩුලු 09ක් දැවී ලකුණු 626ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවනු ලැබුවා.
එහිදී ඇමීර් ජැන්ගු ලකුණු 233ක් සහ නායක රොස්ටන් චේස් ලකුනු 194ක් රැස් කළා.
ඔවුන් දෙපළ අතර හය වන කඩුල්ල සඳහා ලකුණු 401ක් රැස්කළ අතර එය ටෙස්ට් තරගයක එම කඩුල්ල සඳහා ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වනවා.
මීට පෙර එංගලන්ත පිතිකරුවන් යුගලය වන බෙන් ස්ටෝක් සහ ජොනි බෙයාර්ස්ටෝව් දකුණු අප්‍රිකාවට එරෙහිව රැස්කළ ලකුණු 399ක් එම කඩුල්ල සඳහා ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව වුණා.
බටහිර ඉන්දිය කොදෙව් ඉනිමේ කඩුලු පහක් දවා ගැනීමට මිලාන් රත්නායක සමත් වුණා.




