Published
දැදුරු ඔයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් ප්රදේශ කිහිපයක ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව දැදුරු ඔය ද්රොණියේ පිහිටි වාරියපොල, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගංගා නිම්නයේ පහළ ප්රදේශවලට හා ඒ ආශ්රිත පහත්බිම්වලට එලෙස අවදානමක් ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.
මේ සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ ප්රවේශ මාර්ග හරහා ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් ඉල්ලීමක් ද කෙරුණා.




