නොරොච්චෝල විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු අද සිට නැවත ආරම්භ කිරීමට හැකියාවක් පවතින බව වාර්තා වනවා.

පසුගිය සෙනසුරාදා ප්‍රධාන පද්ධතියේ සිදුවූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් මුළු දිවයිනටම විදුලිය විසන්ධි වුණු අතර එහි බලපෑමෙන් නොරොච්චෝලේ එක් ජනන යන්ත්‍රයක්ද අක්‍රීය වී තිබුණා.

කෙසේවෙතත් අද දිනයේ සිට නොරොච්චෝල විදුලි බලාගාරය ජාතික පද්ධතියට එක් කිරීමට හැකියාවක් පවතින හෙයින් තවදුරටත් විදුලි කප්පාදුවක අවශ්‍යතාවක් අවශ්‍ය නොවන බවයි වාර්තා වන්නේ.