Published
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයට අයත් 'වාසනා' හස්තිරාජයාගේ සෞඛ්‍යාරක්ෂාව සහ යහපැවැත්ම සැලකිල්ලට ගනිමින්, ඉදිරියේදී දිවයිනේ ප්‍රධාන පෙරහර මංගල්‍යයන් සඳහා පමණක් එම හස්තියා සහභාගී කරවීමට තීරණය කර තිබෙනවා.
රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ තිළිණ මධුසංක මහතාගේ උපදෙස් පරිදියි මෙම පියවර ගෙන ඇත්තේ.
මීට පෙර දිගින් දිගටම දුර බැහැර ප්‍රදේශවල පැවති කුඩා පරිමාණයේ පෙරහර සඳහා හස්තියා ප්‍රවාහනය කිරීම, උන්ගේ සෞඛ්‍යයට සහ ජීවිතයට දැඩි තර්ජනයක් වී තිබූ බවයි වාර්තා වන්නේ.
ඒ අනුව හස්තියාගේ නිදහස සහ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් මෙම සීමා කිරීම සිදු කර ඇති අතර, ඊට සියලු පාර්ශ්වවල සහයෝගය අපේක්ෂා කරන බව දේවාල මාධ්‍ය අංශය සඳහන් කළා.




