ශ්‍රී ලංකා පොලීසිය තුළ සිටින අපරාධ, මත්ද්‍රව්‍ය භාවිතය හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ නිලධාරීන් සිටී නම් ඔවුන් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත්, එවැනි නිලධාරීන්ට පොලිස් සේවය තුළ ඉඩක් නොමැති බවත් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා යළි අවධාරණය කරනවා.
පොලිස්පතිවරයා පෙන්වා දෙන්නේ බන්ධනාගාර තුළ යම් යම් සංවිධානාත්මක අපරාධකරුවන් මෙහෙයුම් සිදුකරන බවට තොරතුරු ලැබී ඇති බවයි.
බුද්ධි අංශ මගින් ලබාගන්නා තොරතුරු මත පදනම්ව ඒවා මර්දනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද ඔහු කියාසිටියා.
"නිලධාරීන්ගේ කියල වැරදි කරන නිලධාරීන්, අපරාධ කරන නිලධාරීන්, මත්ද්‍රව්‍ය වලට යොමු වෙච්ච නිලධාරීන්, සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වලට හසුවෙච්ච නිලධාරීන් ශ්‍රී ලංකා පොලීසිය තුළ තිබීම... සිටීම සුදුසු නැහැ කියන දැඩි ස්ථාවරයේ ඉන්න. මං හිතන්නේ සෑහෙන්න ප්‍රමාණයක පාලනයක් තියෙනවා. නමුත් යම් යම් අවස්ථාවල අපරාධකරුවන් බන්ධනාගාරය තුළ සිට පවා යම් යම් මෙහෙයුම් සංවිධානය කරලා යනවා. ඉතින් ඒ දේවල් අපි හඳුනාගැනීමේ කටයුතු, අවශ්‍ය මෙහෙයුම්, අවශ්‍ය තොරතුරු අපි ලබාගනිමින් ඉදිරියට... ඒ මෙහෙයුම් සම්බන්ධයෙන් අපි අවශ්‍ය කටයුතු ගන්නවා. මේ මත්ද්‍රව්‍ය මෙහෙයුමට මේ වගේ සියලු කරුණු අඩංගු මෙහෙයුමක්, එහෙම නැත්නම් ඒ සම්බන්ධයෙන්... මත්ද්‍රව්‍ය පාලනය සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය ඉල්ලුම අඩු කිරීම, මත්ද්‍රව්‍ය සැපයුම අඩු කිරීම කියන ප්‍රධාන අවශ්‍යතා දෙක සම්පූර්ණ කෙරෙන කමිටු පහක් ගරු ජනාධිපතිතුමා ඒ රටටම එකට ව්‍යාපෘතියෙන් ආරම්භ වුණා. ඒකේ මෙහෙයුම් කමිටුවේ... මෙහෙයුම් කමිටුව කියලා ප්‍රධාන කමිටුවකුත් තියෙනවා. ඒ මෙහෙයුම් කමිටුවේ සභාපතිවරයා වශයෙන් මම කටයුතු කරනවා, පොලිස්පතිවරයා ලෙස කටයුතු කරනවා. ඒකෙන් මං හිතන්නේ වෙනදාට වැඩිය සෙසු රාජ්‍ය ආයතන වල, සෙසු සහායක සේවා මණ්ඩල වල සෑහෙන්න සම්බන්ධතාවයක්, සහයක් ලැබෙනවා. ඒ වෙනුවෙන් හින්දා මං හිතන්නේ කටයුතු ඉතාමත් හොඳින් කරගෙන යනවා."
එමෙන්ම පාසල් තුළ මත්ද්‍රව්‍ය පරීක්ෂාවන් සඳහා ඕනෑම අවස්ථාවක පුහුණු නිල සුනඛයින් සහ පොලිස් නිලධාරීන් යෙදවීමට සූදානම් බවයි පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩිදුරටත් පැවසුවේ.
"'රටම එකට' ව්‍යාපෘතිය අද දින වනවිට ඉතාමත් සාර්ථක ප්‍රතිඵල ලබාදෙනවා. මං හිතන්නේ ඒකට ප්‍රතිඵල නෙලාගන්න නම්, ප්‍රතිඵල භුක්ති විඳින්න නම් මහජනතාව ඒකට අනුගත විය යුතුයි. මහජනතාවත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සහයෝගය, අවශ්‍ය දැනුවත් කිරීම්, තමන්ගේ දරුවන් සම්බන්ධයෙන් අවධානයෙන් සිටීම අනිවාර්ය අවශ්‍යතාවයක් වෙනවා. ඒක අධ්‍යාපන කමිටුව කියලා කමිටුවකුත් තියෙනවා. ඒ කමිටුවටත් ඒ අවශ්‍ය කටයුතු දෙනවා. අපි ඒ සම්බන්ධයෙන් අපේ නිරීක්ෂණ... ඒ කියන්නේ ගරු අග්‍රාමාත්‍යතුමිය තමයි ඒ කමිටුව මෙහෙයවන්නේ. එතකොට ඒ කමිටුවට ඒ අපේ... අපි මේ සම්බන්ධයෙන් දරන මතය, අපේ නිරීක්ෂණය අපි ඒ කමිටුවට දීලා තියෙනවා. ඒ වගේ පාසල් තුළ මේ තුළ ඉන්නවා නම්, මං හිතන්නේ දරුවෝ, දෙමාපියෝ, ඒ වගේම ගුරුවරු මේ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කළ යුතුයි. ඔහුන්ව බේරාගැනීම සඳහා ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග නොපමාව ගත යුතුයි කියන විශ්වාසය තියෙනවා. ඒ එක්කම පොලීසිය විදියට ඕනෑම අවස්ථාවක, ඕනෑම පාසලකට ඒ පරීක්ෂා කිරීම සඳහා නිලධාරීන් යොදවන්න පුළුවන්. අපේ පුහුණු නිල සුනඛයින් ඉන්නවා."



