අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණවලට සභභාගීවීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැවසුවේ ගංවතුර තත්ත්වය හේතුවෙන් එම පළාතේ දරුවන්ට විභාග මධ්‍යස්ථාන වෙත ළඟාවීමට අපහසුවී ඇති බවට වාර්තාවීම හේතුවෙන් එම තීරණය ගත් බවයි.

''සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ සඳහා සබරගමුව පළාතේ දරුවන්ට ගංවතුර තත්ත්වය හේතුවෙන් ගංවතුර තත්ත්වය මත එම මධ්‍යස්ථාන වලට ළඟාවීමට අපහසු වී ඇති බව අනාවරණය වී තිබෙනවා. එවැනි දරුවන් කලබල වීම අවශ්‍ය නැහැ. ඔවුන්ට ගංවතුර තත්ත්වය පහව ගිය පසු, එම අදාළ මධ්‍යස්ථානයට නැවත ගිහිල්ලා, අමතර ප්‍රායෝගික පරීක්ෂණ සඳහා දිනයක් ලබා ගැනීමට පුළුවන් බව සියලුම සෞන්දර්ය පරීක්ෂණ සඳහා අඳින ගංවතුර තත්ත්වය මත සහභාගී වීමට බැරි දරුවන්ට දැනුම් දෙනවා.''