Published
විෂ මත්ද්‍රව්‍ය උවදුරෙන් රට මුදාගැනීම සඳහා ක්‍රියාත්මක ජාතික මෙහෙයුමේ ප්‍රධාන කාර්යාලය සහ මාධ්‍ය මධ්‍යස්ථානය අද පස්වරු 2.00 ට කොළඹ 07, විජේරාම මාවතේදී විවෘත කිරීමට නියමිතයි.
අදට යෙදී ඇති මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනයට සමගාමීව දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි විශේෂ වැඩසටහන් රැසක් ද මීට සමගාමීව සංවිධානය කර තිබෙනවා.
තරුණ පරපුර මත්ද්‍රව්‍යවලින් මුදවාගෙන සුරක්ෂිත සමාජයක් බිහිකිරීමේ අරමුණින් යුතුව මෙම ජාතික වැඩසටහන පසුගිය වසරේ ඔක්තෝබර් 30 වනදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා.




