පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කළ සත්‍යග්‍රහය අද සිව්වන දිනටත් පැවැත්වෙනවා.

පසුගිය 16 වනදා පස්වරුවේ විහාර මහා දේවි උද්‍යානයට වැඩම කළ ස්වාමින් වහන්සේලා මෙම සත්‍යග්‍රහය ආරම්භ කළ අතර එදින එහි අට්ටාලයක් ඉදි කිරීමට යාමේදී පොලිසිය සමග උණුසුම් තත්ත්වයක්ද හටගත්තා.

කෙසේවෙතත් අඛණ්ඩව සත්‍යග්‍රහයේ නිරතව සිටින ස්වාමීන්වහන්සේලා සඳහන් කරන්නේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරගන්නා තෙක් එම ස්ථානයෙන් ඉවත් නොවන බවයි.