ශ්රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් ක්රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 217කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා .
ඒ, ඇන්ටිගුවා හි නෝර්ත් සවුන්ඩ් ක්රීඩාංගණයේ පැවැති තරගයේ 4 වන දිනයේදීයි.
ශ්රී ලංකා පළමු ඉනිමේ ලකුණු 308ට පිළිතුරු ලෙස කොදෙව් කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 626ක් ලබා සිටියදී තම පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළා.
ඒ අනුව දෙවැනි ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා පිතිකරුවන්ට ලබාගත හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 101ක් පමණයි.
මෙම තරගයේ සුවිශේෂීම අවස්ථාව වූයේ කොදෙව් ඉනිමේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් අමීර් ජැංගු සහ නායක රොස්ටන් චේස් අතර ගොඩනැඟුණු ලකුණු 401ක අතිවිශිෂ්ට සබඳතාවයයි.
මෙය ටෙස්ට් ක්රිකට් ඉතිහාසයේ 6 වැනි කඩුල්ල සඳහා පැවැත්වූ ඉහළම සබඳතාවය ලෙස වාර්තා පොත් අතරට එක් වුණා..
ශ්රී ලංකා කණ්ඩායමේවැඩ්ම ලකුණු ලාභියා වූයේ ලකුණු 43ක් ලබාගත් දිනේෂ් චන්දිමාල්.
පැතුම් නිස්සංක පළමු ඉනිමේදී ලකුණු 2කට සහ දෙවැනි ඉනිමේදී ලකුණු 3කට දැවී ගියා



