ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සමාගම, සිය ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් වෙත වාර්තාගත බෝනස් මුදලක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

2025 වසර සඳහා සිය ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් වෙත ඔවුන් ප්‍රකාශයට පත්කර ඇති බෝනස් මුදල රුපියල් කෝටි 1,460ට අධිකයි. මෙය ඉතිහාසයේ මෙතෙක් ප්‍රකාශයට පත් කළ ඉහළම ජීවිත රක්ෂණ බෝනස් මුදල ද වනවා.

2006 වසරේ සිට මේ දක්වා ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් වෙත ඔවුන් ප්‍රකාශයට පත් කළ මුළු බෝනස් මුදල රුපියල් බිලියන 131යි දශම 2යි 8ක් බවයි ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සමාගම පවසන්නේ.

මෙයද ශ්‍රී ලාංකික රක්ෂණ ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ජයග්‍රහණයක් වනවා.

මේ අතර ප්‍රකාශිත නවතම දත්තවලට අනුව 2025 වසර තුළ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සමාගමේ මුළු වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 275ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඔවුන්ගේ ජීවිත රක්ෂණ අරමුදල රුපියල් බිලියන 247ක්. වාර්ෂික බදු පෙර ලාභය රුපියල් බිලියන 4.3ක් ලෙස වාර්තා වී තිබෙනවා.

මේවා ද ශ්‍රී ලංකා රක්ෂණ ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ජයග්‍රහණ බවයි ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සමාගම පවසන්නේ.

මේ අතර ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සමාගම අධ්‍යාපනය සහ සමාජ සුබසාධනය වෙනුවෙන් විවිධ ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක කරමින්, පාසල් සංවර්ධනය, ශිෂ්‍යත්ව ප්‍රදානය සහ දරුවන් සඳහා නොමිලේ ජීවිත රක්ෂණ ආවරණ ලබාදීම ඇතුළු සමාජ වගකීම් වැඩසටහන් රැසක් ද අඛණ්ඩව සිදු කරමින් සිටිනවා.